Monday, November 14, 2011

◄විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? What happens on the Internet in just “ONE MINUTE?“►

තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද?අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා ! ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුවේ.
අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද කියලා ඇත්තටම කිව්වොත් මේ විස්තරය කියෙව්වාම ඔලුවත් කැරෙකෙන්න ගනිවි. ඒ තරමට පුදුමයි !

•අන්තර්ජාලය හරහා විනාඩියකදි E-mail 168,000,000 වැඩියෙන් හුවමාරු වේ.
•විනාඩියකදී 98,000 පමණ Twitter අඩවියට තම අදහස් දක්වනු ලැබේ.
•දන්නවාද? Facebook තුල තත්පර 60 තුලදි status අලුත් කරන අතර, 79,364 wall posts ද 510,040 comments ප්‍රමාණයක් එකතු වෙනු ලබයි.
•Google සමාගම විනාඩියකදි 694,445 ක් ඉල්ලන්නා වු සොයා බැලිම් වල නිරත වේ.
•ඇපල් සමාගම නිපද වු ඇපල් ස්මාර්ට් ෆෝන් හි ජනප්‍රියත්වය කෙසේද යත් විනාඩියකදී ඊට අදාල ඇප්ලිකේෂන් වර්ග 13,000 බා ගත කරනු ලබයි.
•ස්කයිප් තුලින් 370,000 වන ඇමතුම් සෑම විනාඩියකදීම ආරම්භ වේ.

දැක්ක නේද?
මේ විනාඩියක් ගත වෙලා යන කොට අන්තර්ජාලයේ
වෙන දේවල්. අවුරුද්දක් ගත වෙන කොට කොහොමට තියේවිද?
මොකද හිතෙන්නේ කියලා අදහසක් දාලාම යන්න.

No comments:

Post a Comment